ඩුබායි නීතිඥයෙක් බ්ලෙයාර්ට එරෙහිව නඩු පවරන්න යයි.
2003 වසරේ ඉරාක ආක්‍රමණ සමයේදී යුද අපරාධ සිදු කළේය යන චෝදනාව මත හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ට එරෙහිව නිති මාර්ගයෙන් කටයුතු කිරීමට ඩුබායි නීතිඥයෙක් සූදානම් වන බවගල්ෆ් නිව්ස්‘ පුවත්පත සඳහන් කරයි.
අධිනීතිඥ නසර් හෂෙම් සහ ලන්ඩන්හි ඔහුගේ හවුල් කරුවෝ මේ මාසයේදී ජාත්‍යන්තර අධිකරණයෙ සහ බ්‍රිතාන්‍යය උසාවිවල මේ නඩු පැවරීමට කටයුතු යොදමින් සිටිති.
පසුගිය ජූලි මාසයේදී චිල්කොට් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව හෂේම සහ කයිරෝ, ඩුබායි සහ ලන්ඩන් යන නගරවල සිටින ඔහුගේ සහායකයෝ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයාට එරෙහිව නඩු පැවීමට තීැරණය කළහ.