ඩිමොක්රටික් පක්ෂ රැළියකදී ජනපති ඔබාමාට විරෝධයක්
(රොයිටර්)
ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙන ඇමෙරිකා ජනපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන හිලරි ක්ලින්ටන්ට සහාය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඔහියෝ ප්රාන්තයේ කොලම්බස් නුවර ජන රැළියකට සහභාගී වූ අවස්ථාවේදී පිරිස අතරේ සිටි කාන්තාවක් ඔබාමාට විරෝධය දැක්වූවාය.
හිලරිට සහාය දක්වමින් පැවැති එම ජන රැලියට පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, විරෝධතාව දැක්වූ කාන්තාව සිට ඇත්තේ පිරිස කෙළවරේය.
ඇය ඔබාමාට විරෝධය දක්වා ඇත්තේ, ඔබාමාගේ රජය කැනඩාවේ සිට ආරම්භ කිරීමට සැලැසුම් කරන තෙල් නළ පද්ධතිය සම්බන්ධයෙනි. ඇය කෑ කෝ ගසා ඇත්තේ ‘නළ පද්ධතිය එපා’ යැයි කියමිනි.
ඔබාමාට ඇය කී දේ නෑසුණු නිසා, ඔහු වේදිකාවේ සිට පවසා ඇත්තේ ‘මං දැන් මහලුයි. ඇහෙනවා අඩුයි. ඔබතුමියගේ විරෝධය මට ලිපියකින් එවන්න’ යනුවෙනි. ඔබාමා කාටත් ඇසෙන්න එසේ පැවැසූ විට, විරෝධතාකාරිය නිහඬ වූ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.