ට‍්‍රම්ප්ට සදාචාරයක් නැහැ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සදාචාරයක් නැති බවත්, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ඔහුට කිසිදු අවබෝධයක් නැති බවත් ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් කියයි.

දලයි ලාමා තුමන් මෙසේ අදහස් දක්වා සිටියේ ඔහුගේ 84 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් බීබීසී පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දලයි ලාමාතුමන් කියා සිටියේ, එක්සත් රාජධානිය දිගටම යුරෝපා සංගමය සමඟ එක් වී සිටිය යුතු බවය.

එපමණක් නොව, මීළඟ ලාමා, බෞද්ධ කාන්තාවක් වීමට ද ඉඩක් ඇති බවත්, එසේ වීමට නම් ඇයට හොඳ පෙනුමක් තිබිය යුතු බවත් දලයි ලාමා තුමන් පැහැදිලි කළේය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS