ට්‍රම්ප් ගේ රන් ආලේපිත මෝටර් රථය : අනවසරයෙන් අතපාත ගාන අයට විදුලි සැර



ටෙලිග්‍රාෆ් ඇසුරෙනි.......

ලබන ජනවාරියේ අමෙරිකාවේ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන  ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සිව් වසරක ජනාධිපති ධුර කාලයේදී භාවිතා කිරීම සඳහා රන් ආලේපිත විශේෂ මෝටර් රථයක් නිපදවාගෙන ඇත.

අතිශයින් සුඛෝපභෝගී පෞද්ගලික අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ නවීන ආකාරයේ හමුදා මාදිලියේ මෝටර් රථයක් ආකාරයෙන් දිස්වන පරිදි මෙය නිපදවා ඇත.

මෙවැනි ආකාරයේ මෝටර් රථ නිපදවීම පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් ඇති ලැටිවියානාර් ඩාර්ට්ෂ් මෝටර්ස් සමාගම එම මෝටර් රථය නිපදවා ඇත.අදාළ සමාගම සිය නිල  ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල පිටුවේ මෙම මෝටර් රථය හැඩතල විදහා දක්වමින් ඡායාරූපයක් එක් කර තිබිණි.

මර්සිඩීස් බෙන්ස් ජී. එල්. වර්ගයට අයත් එම රථයට අශ්වබල 1500 ක හැකියාවක් ඇති අතර එහි විශේෂත්වය වන්නේ අනවසරයෙන් අතගාන කෙනෙකුට විදුලිසැර වැදීමයි. 

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS