ජර්මනියේ බෝම්බ පුපුරුවන්න හැදූ සිරියානුවා සොයා දිගටම මෙහෙයුම්
(රොයිටර්)
ජර්මනියේ බෝම්බ ප්‍රහාරයක් සැලැසුම් කළ සිරියානු ජාතිකයකු සොයා ජර්මන් ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය.
මෙහෙයුමට නායකත්වය දුන්නේ ජර්මන් ත්‍රස්ත මර්දන ඒකකයයි. ජබාර් අල්බකාර් නමැති 22 හැවිරිදි මෙම සිරියානුවා ජර්මනියට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසිනි. අවසන් වරට මොහු දැක ඇත්තේ චෙමින්ට්ස් නුවරදී යැයි ජර්මන් ආරක්ෂක අංශ කියයි.
ජබාර් අල්බකාර්ගේ නවාතැන පොලිසිය විසින් වටලනු ලැබූ අවස්ථාවේදී ඒ තුළ තිබී පුපුරන ද්‍රව්‍ය හමුවුණු බව ද පැවැසෙයි.
ජබාර් අල්බකාර් සොයා සිදු කරන මෙහෙයුම් අතරතුරේ ජබාර් අල්බකාර්ගේ සමීප සගයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් ජර්මන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.