ජයලලිතාගේ රෝහල් බිල දෙගුණ තෙගුණ වෙලා





චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ දින 20 කට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී 68 හැවිරිදි ජයලලිතා වෙනුවෙන් ලොකු රෝහල් බිලක් ගෙවීමට සිදුවනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි.
ඇය ප්‍රතිකාර ලබන්නේ ඇපලෝ පෞද්ලලික රෝහලේ දෙවැනි මහලේ දිනකට ඉන්දීය රුපියල් 26,000 ක් පමණ ගෙවන කාමරයකය.
එම මහලේ සියලුම කාමර ද හිස්ව තබා ගැනීමට ඇගේ ‘ඔල් ඉන්දියා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්’ පක්ෂය කටයුතු කර ඇත. ඒ, ඇගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ජනතාවට හෙළි නොකිරීමේ අරමුණ ඇතිවය. එහෙයින්, එම හිස් කාමර වෙනුවෙන් ද මුදල් ගෙවීමට ඇගේ පක්ෂය සිදුවී ඇත.
මේ අතර ජයලලිතාගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇතැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් පැවැසීමත් සමඟ මේ වනවිටත් දහසකට ආසන්න තමිල්නාඩු වැසියන් පිරිසක් රෝහල ඉදිරියට පැමිණ ජයලලිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් යාගහෝම පවත්වන බව ද වාර්තා වේ. ඔවුන්ගේ එම කටයුතු නිසා රෝහලේ කටයුතුවලට බාධා එල්ල වී ඇත.


RECOMMEND POSTS