ජයලලිතාගේ පක්ෂය මෙහෙයවන්න ශෂිකලාට ආරාධනා



තමිලිනාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ ආභාවයෙන් පසු ඇගේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය මෙහෙයවීමට, ජයලලිතාගේ මිතුරිය මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක ද වන ශෂිකලා නට්රාජන්ට ආරාධනා ලැබී ඇත.
පසුගිය වසර 27 ක කාලයේ පක්ෂයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නේ ද ශෂිකලා නට්රාජන්ය.
තමිල්නාඩුවේ නව මහ ඇමැති පනීර්සෙල්වම්  ඇතුළු අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් ශෂිකලා හමුවී ඇයගෙන් මෙම ඉල්ලීම කළ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS