ජයලලිතා රෝහලේ



තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය හදිසියේ රෝහල් ගත කර ඇතැයි ඉන්දීය පුවත් සේවා ඊයේ (23) වාර්තා කළේය. 

හැට අට හැවිරිදි වියේ පසුවන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නායිකා ජයලලිතා ජයරාම් මහත්මිය උණක් ඇතැයි පැවැසීමෙන් අනතුරුව එලෙස රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. 

මේ අතර ඇය රෝහල් ගත කිරීම වාර්තා වීමත් සමඟ ප්‍රාන්ත මැති ඇමැතිවරුන් මෙන්ම රෝහලේ පිටත රැඳී සිටින බව ද වාර්තා විය. ඇය ඇතුළත් කර ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ඇපලෝ රෝහලටය.


RECOMMEND POSTS