ජපානය අතීතයේ මෙන් යුද වැදීම්වල නැහැ? ලෝකයට පණිවිඩයක් දිය යුතු බවට එරට අගමැති පවසයි
තෝකියෝහිදීය (රොයිටර්)
ජපානය නැවත කිසිදු දිනෙක අතීතයේ යුද වැදීම්වල මෙන්ම දාමරිකම් සිදු නොකරන්නේ යැයි ලෝකයට පණිවිඩයක් දිය යුතු බව එරට අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.
“ජපානයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මිතුදමේ අරමුණ ලෝකය හමුවේ තිබෙන විවිධ ප්‍රශ්න විසඳීම” යැයි ජපාන අගමැතිවරයා එරට ව්‍යාපාරිකයන් පිරිසක් හමුවෙමින් කීවේය.
“ඇමෙරිකා සංචාරය ඉතිහාසගත සංචාරයක් වේවි. ඇමෙරිකා හා ජපාන නායකයන් දෙදෙනාම පර්ල් වරායේ සංචාරයේ නිරත වෙනවා. එය සංහිඳියාවේ පෙන්නුම් කිරීමක්” යැයි ද ජපාන අගමැති අබේ එහිදි පැවැසීය.
ජපාන අගමැති ෂින්සෝ අබේ හෙට (27) ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව පර්ල් වරායේ සංචාරයේ නිරත වන පළමු ජපාන අගමැතිවරයා වනු ඇත්තේ ෂින්සෝ අබේය.
ජපාන හමුදා 1941 වසරේ දෙසැම්බර් 7 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්ල් වරායට දැවන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් ඇමෙරිකා එක්සත් ජනපද නාවුක හමුදා භටයෝ ඇතුළු 2,300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එය ඇමෙරිකා එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වීමට හේතු වූ ප්‍රධාන සාධකය ලෙස සැලකෙයි. ඒ අනුව මේ වසරට ජපානය පර්ල් වරායට ප්‍රහාර එල්ල කර 75ක් වසරක් සැපිරේ.
ජපාන අගමැති ෂින්සෝ අබේ දෙසැම්බර් 27 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත එහිදි පර්ල් වරායේ ද සංචාරයක නිරත වනු ඇත. එහිදි ඔහු ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජපාන අගමැතිවරයා පර්ල් වරායේ සංචාරයක නිරත වන බව නිවේදනය කරනු ලැබුවේ 75 වැනි සංවත්සවරයට දින දෙකක් තිබියදී වීම ද විශේෂත්වයක් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
මීට පෙර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ජපානයේ සංචාරයක නිරත වූ අතර එය ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයකු ජපනායේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව විය.