ජනපතිට එරෙහි උද්ඝෝෂණ නිසා 40 ක් මරුට
සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව එරට ක්‍රියාත්මක උද්ඝෝෂණ වඩාත් දරුණු තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට කර්තූම් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී ඇති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පසුගිය මාසයේ ආරම්භ වූ අතර මේ සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරුන් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.
උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වූ පුද්ගලයින් 40 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව ද මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.
මෙය මෑත කාලයේ එරට පැවති දැවැන්තම උද්ඝෝෂණ ව්‍යාපාරය ලෙස විදෙස් විචාරකයින් හඳුන්වා දෙයි.
( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.