ජනපති ඔබාමාගේ අවසන් රාජ්‍ය රාත්‍රි භෝජන සංග්‍රහය



 (රොයිටර්)

ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ බිරිය මිෂෙල් ඔබාමා පෙරේදා (19) ධවල මන්දිරයේදී අවසන් රාජ්‍ය භෝජන සංග්‍රහය පැවැත්වූ අතර, සම්භාවනීය අමුත්තෝ රැසක් ඊට එක්වූහ.

ඔබාමා යුවළට එම භොජන සංග්‍රහය ඉතා හැඟීම් බර එකක් වුණැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔබාමා යුවළගේ ආරාධනාව පරිදි සියයකට වැඩි අමුත්තෝ පිරිසක් භෝජන සංග්‍රහයට සහභාගී වූහ. ඔවුන් අතර නළු නිළියන් සහ ඇමෙරිකන් ගායක ගායිකාවෝ ද සිටියහ.

ඔබාමා යුවළගේ ආරාධනාව ලැබ භෝජන සංග්‍රහයට සහභාගී වුණු සම්මානනීය ඇමෙරිකා ගායිකා ග්වෙන් ස්ටෙෆානි පැමිණ සිටි පිරිස වෙනුවෙන් ගීත කිහිපයක් ද ගායනා කළාය.

 

(ජනාධිපති ඔබාමා සහ මිචෙල් ඔබාමා ඉතාලි අගමැති සහ බිරිඳ සමග)

 

භෝජන සංග්‍රහයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස පැමිණියේ, ඇමෙරිකා සංචාරයකට එක්වී සිටින ඉතාලි අගමැති මැටියෝ රෙන්සි සහ බිරිය ඇග්නීස්න් ලැන්ඩීනිය.

හමුදා ගෞරව මැද රතු පළස මතින් ඉතාලි අගමැති සහ බිරිය ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඔබාමා යුවළ කටයුතු කර තිබුණි. ඉතාලි අගමැතිවරයා ඔබාමා යුවළ වෙනුවෙන් සවුදිය පිරුවේය. භෝජන සංග්‍රහය අතරේ ඔබාමා සහ මැටියෝ අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.


RECOMMEND POSTS