ජගත් මහ ලේකම් ගුටරේස් දිවුරුම් දෙයි
(රොයිටර්)
පෘතුගාලයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එක්සත් ජාතීන්ගේ ක්රියාකාරී සාමාජිකයකු ලෙස ද කටයුතු කළ 67 හැවිරිදි ඇන්තෝනියෝ ගුටරේස්, පෙරේදා (12) එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම් ලෙස දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම සිදුවූයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේය. එම අවස්ථාවට ධුරයෙන් සමුගන්නා මහ ලේකම් බැන් කී මූන්, පෘතුගාලයේ වත්මන් ජනාධිපති මාර්සෙල්ලෝ දේ සෝසා ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතවරු 193 දෙනා ද සහභාගීවී සිටියාහ.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ නවවැනි මහ ලේකම්වරයා වන්නේ ගුටරේස්ය. ලබන ජනවාරි පළමු වැනිදා සිට ගුටරේස් සිය නව තනතුරේ කටයුතු කරනු ඇති අතර දැනට එම ධුරයේ සිටින 72 හැවිරිදි බැන් කී මූන් දෙසැම්බර් මස අවසානයේදී සමුගනු ඇත.
ගුටරේස් ජගත් මහ ලේකම් ධුරයට තෝරා ගැණුනේ පැවැති ඡන්ද විමසුමකිනි. ඡන්ද විමසුමේ අවසන් අදියර පැවැත්වූයේ පසුගිය ඔක්තෝබර් 14 වැනිදාය.
එහිදී කාගේත් මනාපය ගුටරේස්ට හිමිවිය. ගුටරේස් පෘතුගාලයේ ජනපති ලෙස කටයුතු කළේ 1995 සිට 2002 තෙක් කාලයේය. ඉන්පසු 2005 සිට 2015 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.