ජකර්තා අගනුවරට විදුලිය නෑ
පැය නවයක් තිස්සේ විදුලි බලය විසන්ධිවීමෙන්, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වූ බවත්, මිලියන 10 කට වැඩි ජකර්තා නුවර වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු බවත් එරට පුවත් සේවා වාර්තා කළේය.
විදුලි බලය විසන්ධි වූයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව රජයේ විදුලි බල දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ජකර්තා අගනුවර පමණක් නොව, අසල පිහිටි පළාත් රැසකට ද විදුලි බලය විසන්ධි වූ බව පැවැසිණි.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පසුගිය කාලයේ ද විදුලිය බිඳ වැටීම් වරින්වර සිදුවුණු නමුත් පැය 9 ක කාලයක් පුරාවට විදුලිය බිඳ වැටුණු පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ජකර්තාහිදීය (රොයිටර්ස්)