චෙන්නායි වැසියන්ට වතුර නෑ



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර වැසියන් මුහුණ දී සිටින ජල අර්බුදය, මේ වනවිට උත්සන්න වී ඇති බවත් ඔවුන් වැස්ස අපේක්ෂාවෙන් සිටින බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

චෙන්නායි වැසියන් මෙසේ ජල අර්බුදයකට මුහුණ පා ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙනි.

චෙන්නායි වැසියන්ට ජලය ලබා දීම සිදුවන්නේ ප්‍රාන්තයේ ඇති ජලාශ 4 කිනි. එම ජලාශ මේ වනවිට මුළුමනින්ම පාහේ සිඳී ගොස් ඇතැයි පැවැසෙයි.

ඉන්දියාවේ චෙන්නායි  වැසියන් උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා සිටිද්දී, මුම්බායි නුවර වැසියන් ජලයෙන් පීඩා විඳින බව ද වාර්තා වේ. ඒ, මුම්බායි නුවරට ඇදහැලෙන මහ වැසි හේතුවෙනි. මුම්බායි යනු ඉන්දියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයයි. ජලයෙන් යටවී මාර්ග අවහිර වීමෙන් මුම්බායි නුවර දෛනික කටයුතු අඩපණ වී ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS