චීන ජනාධිපති කනස්සල්ලෙන්



ඇමෙරිකාවෙන් ඉරානයට එල්ල වන පීඩනය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

ඇමෙරිකාව ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවමින් ‘ඉරාන න්‍යෂ්ටික අර්බුදය’ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු යැයි යෝජනා කරයි. කෙසේ නමුත් ඉරානය පවසන්නේ, බලෙන් සාකච්ඡා සඳහා තමන් හවුල් කර ගැනීම ඇමෙරිකාවට කළ නොහැකි බවය.

ඉරානයත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය දුරදිග යෑම ලෝකයට අහිතකර යැයි චීන ජනාධිපති ෂී ජින්පින් පැහැදිලි කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS