චීන ජනපති හමුවන්න ට්‍රම්ප් සූදානම්
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින ‘වෙළෙඳ යුද්ධය’ සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, ‘ජී20’ සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සමුළුවේදී පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට ඇමෙරිකා සහ චීන ජනාධිපතිවරුන් දෙදෙනාට නොහැකි වුවහොත්, දෙරට අතර නිර්මාණය වූ ‘වෙළෙඳ යුද්ධය’ මුළු ලෝකයටම බලපෑමක් එල්ල කරනු ඇති බවට බිය පළ කෙරේ.
‘ජී20’ සමුළුව ඇරැඹුණු අවස්ථාවේ, රාජ්‍ය නායකයන් සමරු ඡායාරූපයට පෙනී සිටිද්දී, ජනපති ට්‍රම්ප් සහ ෂී ජින්පින් ජනපතිවරුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවුණු අතර, අතට අත දී සුහඳත්වය පළ කළේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඬේලිමේල් ඇසුරිනි)