චීන - යුරෝපා සබඳතා වසර 1500ට වඩා පැරණියි
චීනයත් යුරෝපයත් අතර පැවැති සබඳතා අවුරුදු 1500ක් තරම් පැරැණි බවත් මාර්කෝ පෝලෝ චීනයට සොයාගන්නා ලද්දේ ඉන් පසුව බවත් නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
චීනයේ පළමු අධිරාජ්‍යයාගේ හමුදාව සිහිවීම පිණිස ඉදිකර තිබෙන ටෙරාකොටා පිළිමවල ග්‍රීක ආභාෂය තිබෙන බව ද නවතම පර්යේෂණය සිදු කරන ලද පුරාවිද්‍යාඥයෝ පෙන්වාදෙති.
තුන්වැනි සියවසේදී පමණ ග්‍රීක ශිල්පීන් චීන වැසියන්ට පුහුණුව ලබා දී ඇතැයි ද ඔවුහු පවසති.
කෙසේ වෙතත් මාර්කෝ පෝලෝ 13 වැනි සියවසේදී චීනයට යුරෝපා වැසියකු සංචාරය කළ පළමු අවස්ථාව යැයි සැලකෙයි.
“සේද මාවත විවෘත වීමට පෙර චීනයේ පළමු අධිරාජ්‍යයාත් යුරෝපයත් අතර සබඳතා පැවැති බවට අපට සාක්ෂි ලැබී තිබෙනවා. එය අපට සිතුවාටත් වඩා අතීතයකට ගමන් කරනවා” නවතම සොයාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ ලී ෂි යුෂෙන් පවසා ඇත.
(ඩේලිමේල් ඇසුරිනි)