චාල්ස් කුමරු මිත්තනිය මිහිදන් කළ තැනට ගිහින්



හිටපු  ඊශ්‍රායල ජනාධිපති හා අගමැති සීමොන් පෙරෙස්ගේ අවමඟුල් උත්සවයට සහභාගිවිම  සඳහා ඊශ්‍රායලයට පැමිණි බ්‍රිතාන්‍ය යේ චාල්ස් කුමරු ඉකුත් සිකුරාදා එම අවමඟුලට සහභාගිවීමෙන් පසුව ජෙරුසලමේ ඇති තම මිත්තනියගේ මිනී වළ වෙත ගිය බව ‘ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්“ පුවත්පත පවසයි.

(චාල්ස් කුමරුගේ මිත්තනිය සිය දියණියන් දෙදෙනා සමග)

අවමඟුල් උත්සවයෙන්පසුව බ්‍රිතාන්‍යයට යාමට පෙර චාල්ස් කුමරු සිය පිය පාර්ශවයේ මිත්තණිය මිහිදන්  කර ඇති මවුන්ට් ඔෆ් ඔලිව්හි මේරි මැග්ඩලින් පල්ලියට  ගොස් ඇත. එය සිය මිත්තණියගේ මිනීවළ වෙත යාමට චාල්ස් කුමරුට ලැබුණු දුර්ලබ අවස්ථාවක් ලෙස සැලකේ.

එහි මිහිදන් කර ඇත්තේ චාල්ස් කුමරුගේ පිය පස මිත්තණිය වන ඇන්ඩ්රූ කුමරියයි.


RECOMMEND POSTS