චර්නොබිල් බලාගාරයට යෝධ ආවරණයක්



1986 වසරේ සිදුවූ පිපිරීමෙන් විනාශයට පත් යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයේ අවශේෂ කොටස් වසා දැමීම සඳහා යෝධ ආවරණයක් යෙදීමේ කටයුතු ආරම්භ වී ඇත.

මෙම නව ආවරණය යෙදීම තුළින් ඉදිරි ශතවර්ෂය තුළ චර්නොබිල් භූමියෙන් තවදුරටත් විකිරණ නිකුත්වීම වළකාලීමට අපේක්ෂිතය.බලාගාර ගොඩනැගිල්ලෙන් බාහිරව ඉදි කෙරුණු යෝධ ආවරණය ප්‍රතික්‍රියාකාරකය දෙසට තල්ලු කිරීම සඳහා දින පහක් ගතවනු ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.

කොන්ක්‍රීට් සහ ලෝහයෙන් තනන ලද ආරක්කු හැඩති යෝධ ආවරණය පළලින් මීටර 275 ක් වන අතර උසින් මීටර 108 කි.එය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් කොටි 160 ක් වැය වී ඇත.

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ පිපිරීමෙන් අනතුරුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය යකඩ ආවරණයකින් වසා දමා තිබිණි.

එම අනතුරේදී නිකුත් වූ න්‍යෂ්ටික විකිරණ හේතුවෙන් යුරෝපය පුරා මහජන සෞඛ්‍ය පිළිබඳ අවදානමක් මතු විය.

( තිළිණි  ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි......


RECOMMEND POSTS