ඝානා විශ්ව විද්‍යාලයේ ගාන්ධි ප්‍රතිමාවට විරෝධයක්
(එන්.ඩී.ටීවී.)
අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ අක්රා අගනුවර විශ්ව විද්‍යාලයක ඇති ගාන්ධි ප්‍රතිමාව ඉවත් කරන්නැයි ඝානා රජයට විරෝධයක් එල්ල වී ඇත.
එම ප්‍රතිමාව ඉවත් කරන්නැයි රජයට පෙත්සමක් ලැබී ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයෙනි. එම ප්‍රතිමාව හරහා වර්ගවාදය ‘ඇවිලෙනවා’ යැයි පෙත්සම ඉදිරිපත් කළ මහාචාර්යවරු පෙන්වා දෙති.
මෙම ගාන්ධි ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ ඉන්දීය ජනාධිපති ප්රණාබ් මුඛර්ජී විසිනි. ඒ පසුගිය ජූනි මාසයේදීය. ඝානා විදේශ අමත්‍යාංශය පවසා ඇත්තේ ප්‍රතිමාවට හානියක් සිදුවේවි යැයි බියෙන එය විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කිරීමේ අදහසක් ඇති බවය.