ගුවනේදී අසූචි හෙළුවොත් 50,000ක් දඩ
බී.බී.සී වෙබ් අඩවිය ඇසුරෙනි......
ගුවන්ගමනක් අතරතුරේදී මිනිස් අසූචි පොළවට හෙලා තිබුණොත් එරට මුදලින් ඉන්දීය රු. 50,000 ක දඩයක් නියම කරන බව ඉන්දීය පරිසර අධිකරණයක් නියෝග කර තිබේ.
මේ අනුව ගුවන්ගමනකින් අනතුරුව ගොඩබාන යානයක අසූචි ටැංකි හිස් දැයි බැලීමට එම අධිකරණය විසින් ගුවන්සේවා බලධාරීන්ට නියෝග කර ඇත.
නැෂනල් ග්‍රීන් ට්‍රිබියුන් නම් ඉන්දීය අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුනේ එරට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු විසින් පසුගියදා ගොනු කර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.
මේ හේතුවෙන් නවදිල්ලි ගුවන්තොටුපල ආසන්නයේ පිහිටි සිය නිවසේ කොටසක බිත්තිවල හා බිමේ විශාල පැල්ලම් පතිත වී කිබූ බව එම විශ්‍රාමික හමුදා නිලධාරියා පැමිණිලි කර තිබුණු බව ඉන්දියාවේ PTI පුවත් සේවය වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, පැල්ලම් ඇති කර තිබූ එම අසූචි ගුවන්යානයකින් හෙලූ බවට ඔප්පු කිරීමට මෙහිදී හැකි වී නැති බව විදෙස් වාර්තා වල දැක්වේ.
ගුවන් යානා වැසිකිළි වල එකතු වන මිනිස් අසූචි සාමාන්‍යයෙන් අස්කරනු ලබන්නේ ගුවන්ගමනක් අවසානයේදී යානය යළිත් ගොඩබිමට පතිත කිරීමෙන් අනතුරුවයි.කෙසේ වෙතත්, ගුවන් සමාගම් විසින් ගුවන් ගමනක් අතරතුරේදී මිනිස් අසූචි පොළවට හෙලූ අවස්ථා ද වාර්තා වේ.
මෙම වැසිකිළි වල එකතු වන අසූචි දිරායාම පහසුවීමට හා දුගඳ අඩුකිරීමට එක්කරනු ලබන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඒවා ‘බ්ලූ අයිස්’ ලෙස හඳුන්වනු ලැබේ.
තිළිණි ද සිල්වා