ගුජරාට පක්ෂ සමුළුවට ගිය මෝදි අම්මා බලන්න ගිහිල්ලා



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුගේ ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ සමුළුවකට සහභාගීවීමට ගිය අවස්ථාවේදී, සිය ආදරණීය මව හමුවීමට ද අමතක නොකළේය.
පක්ෂ ක්‍රියාකාරීන්ගේ එම සමුළුව පැවැත්වූයේ ගුජරාඨයේ ගදින්ගාර් නුවර භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේදීය. අගමැති මෝදි සිය 95 හැවිරිදි මව හමුවීමට ගියේ ඊය පෙරය. තම මව හමුවී සුව දුක් විමසමින්විනාඩි 20 ක් ගත කළ අගමැති පුතා, ලහිලහියේ පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් හමුවුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.


RECOMMEND POSTS