ග්‍රහකයක් අල්ලන්න යානයක්



විශ්වයේ ඈත ගමන් කරමින් තිබෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකය ලුහුබැඳ ඊට ගොඩබෑමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරික් රෙක්ස්’ නමැති කුඩා ගවේෂණ යානය සූදානම් වෙයි.

වසර දෙකක් තිස්සේ කළ ලුහුබැඳීමකින් පසු, නාසා රොබෝ ගවේෂණ යානය පසුගියදා ‘බෙන්නු’ ග්‍රහකයට ළං විය. මේ වනවිට රොබෝ යානය, ග්‍රහකය සමඟ වේගයෙන් ගමන් කරම්න් සිටී. යානය ග්‍රහකය මතට ගොඩබෑමට නියමිතව ඇත්තේ ලබන 31 වැනිදාය.

දියමන්තියක හැඩය ගත් ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ විශ්වයේ ඈත කෙළවර සිට පෘථිවිය තෙක්ය. තව වසර 200 ක් ගතවෙද්දී, ග්‍රහකයේ ගමන් මඟ අනුව, එය පෘථිවියේ හැපීමේ අවධානමක් පවතී. ග්‍රහකය පෘථිවියේ හැපුණොත් එය මහා විනාශයක් වනු ඇති බවට බිය පළ කෙරේ. ඊට පෙර, ග්‍රහකයට යානයක් යවා එය ගවේෂණය නාසා විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත. බෙන්නු ග්‍රහකයට අල්ලා ගැනීමට නාසා ආයතනය ‘ඔසයිරික් රෙක්ස්’ යානය පිටත් කර හැරුණේ මීට වසර දෙකකට පෙරය.

මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ රොබෝ ගවේෂණ යානයක්, ග්‍රහකයක සමීප වුණු සහ ගොඩබෑමට තැත් කරන පළමු අවස්ථාව මෙය නොවන බවත්, ජපන් විද්‍යාඥයන් මේ වනවිට මෙවැනි වික්‍රම සිදු කර ඇති බවත් නාසා කියයි. නාසා ආයතනය ග්‍රහකයකට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS