ගරිල්ලන් අල්ලන්න හමුදාව යවනවා



‘ෆාර්ක්’ ගරිල්ලන් කණ්ඩායමක් යළි ආයුධ අතට ගෙන රජයට එරෙහිව විප්ලව කිරීමට සූදානම් වන බවත්, ඔවුන් කඩිනමින් මර්දන කිරීමට හමුදාවේ විශේෂ බළඇණියක් යැවූ බවත් කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩූකේ පවසයි.

‘ෆාර්ක්’ යනු කොලොම්බියාවේ විප්ලවීය සන්නද්ධ බලඇණියයි. මොවුන් සුළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කොලොම්බියා රජයට එරෙහිව සන්නද්ධ අරගලයක් ගෙන ගිය කණ්ඩායමකි. 1964 ආරම්භ වුණු එම සන්නද්ධ අරගලය 2017 දී අවසන් විය.

ෆාර්ක් ගරිල්ලා නායකයන් සහ එවකට ජනාධිපති ධුරය හෙබවූ යුවාන් මැනුවෙල් සැන්ටෝස් ගරිල්ලා කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වා ඔවුන් සමඟ සාම ගිවිසුමක් ඇති කර ගත්තේය. එම සාම ගිවිසුම සම්බන්ධයෙන් සැන්ටෝස්ට නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය.

යළිත් වරක් රජයට එරෙහිව හිස එසැවීමට සූදානම් වන්නේ ෆාර්ක් සංවිධානයේ හිටපු නායකයකු වන ඉවාන් මාර්කේස් සහ ඔහුට හිතවාදී ගරිල්ලා සාමාජිකයන් පිරිසකි. ඉවාන් මාර්කේස් පවසා ඇත්තේ රජයට එරෙහිව නව විප්ලවයකට තමන් සහ තමන්ගේ කණ්ඩායම සූදානම් වන බවය.

ඉවාන් මාර්කේස් මෙසේ කියා ඇත්තේ මිනිත්තු 32 ක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි

බොගෝටාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS