කොරියා - ඇමෙරිකා නියෝජිතයෝ හමුවෙති



ඇමෙරිකා නියෝජිතයන් සහ උතුරු කොරියා රජයේ නියෝජිතයන් අතර න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා යළි ආරම්භ විය.  ඒ, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය.

සාකච්ඡා මෙසේ යළි ආරම්භ වූයේ මත ගැටුම් හේතුවෙන් අවස්ථා කීපයකදී බිඳ වැටීමෙන් අනතුරුවය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්ටොක්හෝම් හි පැවැති සාකච්ඡා අසාර්ථක වුණු බවය. කෙසේ නමුත් ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

සාකච්ඡා පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී උතුරු කොරියාව සබ්මැරිනයක් ආධාරයෙන් දිගුදුර මිසයිල අත්හදා බැලීමක් කළේය. සාකච්ඡා බිඳ වැටීමට එය හේතුවක් වන්න ඇතැයි අනුමාන කෙරේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS