කොංග්රස් නායකත්වයෙන් රාහුල් ඉවත් වෙයි
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්රස් පක්ෂයේ සභාපති ධුරයෙන් මන් නිල වශයෙන් ඉවත් වන බව දන්වමින් රාහුල් ගාන්ධි සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.
රාහුල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූයේ, පසුගිය ලෝක්සභා මැතිවරණයෙන් හිමිවුණු ප්‍රබල පරාජයේ වගකීම බාර ගනිමිනි. මැතිවරණය අවසන් වූ අවස්ථාවේදී ද රාහුල් කියා සිටියේ තමන් ඉල්ලා අස්වන බවය. කෙසේ නමුත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊට ඉඩ දුන්නේ නැත.
කෙසේ නමුත් මෙවර රාහුල් නියත වශයෙන්ම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී ඇති බවත්, ඔහු සමඟ ඔහුට හිතවත් පක්ෂයේ බොහෝ දෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)