කුන්ඩුස් නගරයට තලේබාන් ප්රහාරයක්
තලේබාන් ත්රස්තවාදීන් සහ ඇෆ්ගන් හමුදාව අතර අවි ගැටුම්
ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි කුන්ඩුස් නගරයට තලේබාන් ත්රස්තවාදීහු කඩා වැදී ප්රහාරයක් එල්ල කළහ.
ත්රස්තවාදීන්ගේ ඉලක්ක වූයේ රජයේ ගොඩනැගිලි සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ය. එය ඉතා සැලැසුම්සහගත අයුරින් සිදු කළ ප්රහාරයක් විය.
ත්රස්තවාදීන්ට ප්රතිප්රහාර එල්ල කරමින් ඔවුන් මර්දනය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත් වූයේ පැය කිහිපයක් තිස්සේ පැවැති අවි ගැටුම්වලින් පසුවය. ත්රස්තයන් කගරයට පහර දුන්නේ දිසා හතරකින් එය වට කරමිනි.
ගැටුම්වලින් බේරී පලා යන නගර වැසියෝ
අෆ්ගන් පුවත් සේවා වාර්තා කළේ 23 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 50 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත්ය. ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට අමතරව, සිවිල් වැසියන් බොහෝ දෙනකු මියගිය සහ තුවාල ලැබූවන් අතර සිටින බව පැවැසෙයි. ප්රහාරයත් සමඟ කුන්ඩුස් නගරයේ සන්නිවේදන කටයුතු මුළුමනින්ම අඩපණ විය.
මෙම ප්රහාරය එල්ල වූයේ අංශ කිහිපයකින් තලේබාන් ත්රස්ත සංවිධානය සමඟ සාම කතා පැවැත්වෙද්දීය. ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන්වරුන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන්නේ දෝහා කටාර්හිදීය.
නගරයේ ආරක්ෂාව තහවුරු කරමින්
කටාර් හි දෝහා නුවර තලේබාන් සාම කාර්යාලයක් පිහිටුවා ඇත. ඒ හරහා ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ උපදෙස් මතය. ඊට අමතරව, රුසියාව සහ පාකිස්තානය මැදිහත් වී ද සාම සාකච්ඡා පැවැත්වෙයි.
කුන්ඩුස්හිදීය (ඒ.එෆ්.පී.)