කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ සමුගනී
කියුබානු විප්ලවය මෙහෙය වූ අසමසම නායකයා මෙන්ම කියුබාවේ ජනාධිපති ධුරය ද
හෙබවූ ෆිදෙල් කස්ත්‍රෝ ඊයේ (25) අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස
අවුරුදු 90 කි.
ඇමෙරිකාවේ විරෝධය හමුවේ, ඇමෙරිකාවට අභියෝගයක් වෙමින්, ඇමෙරිකාවේ
අසල්වැසියකු වන කියුබාව කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් කළේ ෆිදෙල්
කස්ත්රෝය.
ෆිදෙල් කස්ත්‍රෝ 2006 වසරේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය. 2008
වසරේ දී ජනාධිපති ධුරය බාල සොයුරු රාවුල් කස්ත්රා්ට පිරිනැමූ ෆිදෙල්
දේශපාලනයෙන් සමුගත්තාය. ෆිදෙල් අභාවප්‍රාප්ත වුණු පුවත ජනතාවට දැනුම්
දෙනු ලැබුවේ ද වත්මන් ජනපති රාවුල් කස්ත්‍රෝ විසිනි.
නිරවි යුද සමයේ ද කැපී පෙනෙන චරිතයක් වුණු කස්ත්‍රෝ, කියුබානු විප්ලවයත්
සමඟ බලයට පැමිණියේ 1959 වසරේදීය. නොසැලෙන එඩිතර ජවයෙන් පිරි කස්ත්‍රෝ වසර
49 ක් පුරා කියුබාවට නායකත්වය දුන්නේය.
කියුබාවේ කොමියුනිස්ට් පාලනය හෙළා දකිමින්, ඇමෙරිකාව කියුබාවට ආර්ථික,
වෙළෙඳ සහ දේශපාලන සම්බාධක පනවද්දී පවා කියුබාව ස්ථිරසාරව නැගී සිටියේ
ෆිදෙල්ගේ පාලනය යටතේය. කියුබාව සමඟ සම්බන්ධතා අලුත් කර ගැනීමට මේ වනවිට
ඇමෙරිකාව සමත් වී සිටී. ඒ, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ මැදිහත් වීමෙනි.
දශක ගණනාවකට පසු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මීට මාස කිහිපයකට පෙර
කියුබාවේ සංචාරය කළේය.