කාශ්මීරයේ දේශපාලන නායකයෝ නිවාස අඩස්සිට



ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ආරක්ෂාව තර කරමින්, ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් නිඩාස අඩස්සියට පත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.

නිවාස අඩස්සියට පත් කළ දේශපාලඥයන් අතර, ඉන්දු කාශ්මීරයේ හිටපු මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා සහ මහ ඇමැතිනී මෙහ්බූබා මුෆ්ටි ද සිටින බව පැවැසෙයි. දේශපාලනඥයන් මෙසේ නිවාස අඩස්සියට පත් කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් ලැබී නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින්, ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් හටගත්තේ පසුගිය සිකුරාදා (2) සිටය. දේශපාලනඥයන්ට ජනතාව හමුවීම තහනම් කෙරුණු අතර ජංගම දුරකතන සංඥා සීමා කිරීමටත් අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. දේශපාලනික වශයෙන් අස්ථාවර වීමෙන් පසු වසර කිහිපයක පටන් ඉන්දු කාශ්මීරය ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පවතී.

ශ්‍රීනගර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS