කාශ්මීර වැසියන්ට පැනවූ තහංචි ලිහිල් කරන්න



ඉන්දු කාශ්මීර වැසියන්ට පනවා ඇති තහංචි කඩිනමින් ලිහිල් වනු ඇතැයි තම විශ්වාසය බව ඇමෙරිකාව පවසයි.

ඉන්දු කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීර් පළාත්වල වැසියන්ගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට ඉඩ සලසා දෙන්නැයි ඇමෙරිකාව ඉන්දියාවට පවසා තිබේ.

‘ඉන්දු කාශ්මීර වැසියන්ගේ යහපත වෙනුවෙන් කඩිනමින් වෙනසක් සිදුවේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඉන්දීය රජය කාශ්මීර වැසියන් වෙනුවෙන් කැපවීමට පොරොන්දුවක් දී තිබෙනවා’ යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන සෙනෙට් මන්ත්‍රීවරිය ඇලිස් වෙල්ස් පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS