ඕස්ටේ‍්‍රලියානු සිසුවා නිදහස්



උතුරු කොරියානු හමුදාව විසින් ඉකුත් සතියේ අත්අඩංගුවට ගත්තැයි පැවැසුණු  ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාල සිසුවා ඇලෙක් ස්ග්ලේ යහතින් සිටින බවත්, ඔහු නිදහස් කිරීමට උතුරු කොරියාව පියවරගෙන ඇති බවත්,  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් කියයි.

29 හැවිරිදි මෙම විශ්ව විද්‍යාල සිසුවා උපාධි අපේක්ෂකයකු වන අතර උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර සංචාරක ව්‍යාපාරයක් ද පවත්වාගෙන ගිය අයෙකි.

ඇලෙක් චතුර ලෙස කොරියන් බස දන්නා අයෙකි. ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි කිරීමක් ලැබී නැතැයි  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS