ඕස්ටේ‍්‍රලියා සෙනෙටර්වරයා යළිත් කරළියට



ඕස්ටේ‍්‍රලියාවේ මුස්ලිම් විරෝධී ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්ත සෙනෙට් සභික ෆේ‍්‍රසර් ඇනින්ග් කළ මුස්ලිම් විරෝධී ප‍්‍රකාශයක් මුල්කොට ගනිමින්, මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

ෆේ‍්‍රසර් ඇනින්ග් සිය ට්විටර් ගිණුම හරහා මුස්ලිම් විරෝධී අදහස් පළ කර ඇත්තේ, පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප‍්‍රධාන පෙළේ හෝටලවලට එල්ල වුණු ප‍්‍රහාරය මුල්කොට ගනිමිනි.  ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන මුස්ලිම් සංක‍්‍රමණිකයන් බාර ගැනීම ද වසර කිහිපයක පටන්, සෙනෙට්සභික ෆේ‍්‍රසර් ඇනින්ග්ගේ දැඩි විවේචනයට ලක්වී ඇත.

‘මම කලිනුත් අනතුරු ඇෙඟව්වා. දැනුත් අනතුරු අඟවනවා. අපි අපේ රටට (ඔස්ටේ‍්‍රලියාවට* දිගින් දිගටම මුස්ලිම් සංක‍්‍රමණිකයන් ගෙන්වා ගැනීම ණුවනට හුරු නැහැ. එයින් සිදුවන්නේ ත‍්‍රස්ත කි‍්‍රයාවලට ඉඩ සලසා දීමක්. මං කියන දේ සිහියට ගන්න. අපි අපේ දරුවන්ගේත් අපේ රටේත් අනාගතය සහ ආරක්ෂාව වෙනුවෙන් තීරණයක් ගන්න  ඕනෑ. නොසලකා හැරියොත් අපට අත්වන්නේ මරණයයි’ යැයි ෆේ‍්‍රසර් ඇනින්ග්ගේ ට්විටර් පණිවුඩවල සඳහන් වී ඇත.

ෆේ‍්‍රසර් ඇනින්ග් මීට සති කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් විය. ඒ, මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වුණු වෙඩි තැබීමේ සිදුවීමය. එම වෙඩි තැබීමෙන් 50 ක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික සුදු අන්තවාදියෙකි. ඒ, මුස්ලිම් සංක‍්‍රමණිකයන්ට විරෝධය පළ කරමිණි. ‘සාමාන්‍යයෙන් වෙනදාට මුස්ලිම් වැසියන් තමයි ප‍්‍රහාර එල්ල කරන්නේ. ඔවුන් තමයි ත‍්‍රස්තයෝ. දැන් මුස්ලිම් වැසියන් ප‍්‍රහාරයට ලක්වුණා.’ යැයි ක‍්‍රයිස්ට්චර්ච් ප‍්‍රහාරයෙන් පසු ෆේ‍්‍රසර් ඇනින්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

එය  ඕස්ටේ‍්‍රලියානුවන්ගේත් නවසීලන්ත වැසියන්ගේත් පමණක් නොව ලොව කාගේත් පිලිකුළට හේතුවක් විය. මාධ්‍ය හමුවක් පවත්වද්දී, 17 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු ගැටවරයෙක්, ෆේ‍්‍රසර් ඇනින්ග්ට බිත්තර ප‍්‍රහාරයක් ද එල්ල කළේය. විලි කොනලි නම් එම ගැටවරයා ‘බිත්තර කොල්ලා’ යන නමින් ප‍්‍රසිද්ධියට පත් විය.

‘බලන්න ශ්‍රී ලංකාවේ ප‍්‍රහාරයෙන් 300 කට වැඩි පිරිසක් මියගිහින්. කි‍්‍රස්තියානුවන් ඉලක්ක කර ගනිමින් එල්ලවුණු දරුණුතම ත‍්‍රස්ත ප‍්‍රහාරය මෙයයි. ක‍්‍රයිස්ට්චර්ච් ප‍්‍රහාරයේදී දුන්න තරම් ප‍්‍රසිද්ධියක් අපේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ශ්‍රී ලංකාවේ ප‍්‍රහාරයට ලබා දීලා නැහැ. කෝ අර බිත්තර කොල්ලා’ යැයි ෆේ‍්‍රසර් ඇනින්ග්ගේ ආන්දෝලනයට ලක්වුණු ට්විටර් පණිවුඩවල වැඩිදුරටත් සඳහන් වී තිබේ.

කැන්බරාහිදීය (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS