ඔස්ට්‍රියාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක්



ඔස්ට්‍රියාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් අද (29) පැවැත්වෙයි. එයින් කොන්සවර්ටිව් නායක සෙබෙස්තියන් කෘස් ජයග්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පැහැදිලි වී තිබේ.

හදිසි මැතිවරණයකට යෑමට සිදුවූයේ සෙබෙස්තියන් කෘස්ගේ හවුල් ආණ්ඩුව බිඳ වැටීම නිසාය. කෙසේ නමුත් මෙම මැතිවරණයෙන්ද සෙබෙස්තියන් කෘස් ට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වනු ඇතැයි පැවැසෙයි.

නව රජයක් පිහිටුවීමට නම් සෙබෙස්තියන් කෘස්ට නව පක්ෂ කිහිපයක් සමඟ එක් වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවුනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS