ඔබාමාට වැඩිම තෑගි ගල්ෆ කලාපයෙන්



.ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ ජනපති ආර්යා මිෂෙල් ඔබාමා යුවළ පසුගිය වසරේදී සිදු කළ විදෙස් සංචාර වලදී විවිධ රාජ්‍ය නායකයින් විසින් තිළිණ කළ ඩොලර් මිලයන ගණන් වටිනා තෑගි ලැයිස්තුව පසුගියදා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිලවශයෙන් ඉකුත්දා  එළි දක්වන ලදී.මෙම ලැයිස්තුවේ වැඩියෙන්ම වටිනා තෑගි පිරිනමා ඇත්තේ ගල්ෆ් කලාපයේ රටවල රාජ්‍ය නායකයින් වීම විශේෂත්වයකි.

එම තෑගි ලැයිස්තුවේ වැඩියෙන්ම වටිනා තෑගි ලබා දී ඇත්තේ සෞදියෙන් යැයි එම ලැයිස්තුවෙන් හෙළිදරව් වි තිබිණි.ඒ ඇමෙරිකා ජනපති හා ඔහුගේ බිරිය සෞදියේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී සිදුකළ නිල සංචාරයේදී එරට පාලක සල්මන් බින් අබ්දුල්අසීස් රජතුමන් විසිනි මෙලෙස මිල අධික තෑගි පිරිනමා ඇතැයි පැවසේ .සෞදි රජතුමන් විසින් ජනපති යුවළට පිරිනමා ඇති තෑගිවල මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර්  පන් ලක්ෂ විසි තුන්දහසකි.

එලෙස ඔබාමා යුවළට සෞදි රජ පෙළපතේ තෑගි අතර මූර්ති ,දියමන්ති ,නිල් මැණික් ,පුෂ්ප රාග යන විවිධ මැණික් ගල් වර්ගද ,ගෝල්ෆ් ක්‍රීඩා භාන්ඩ සහිත බෑගයක් ,මිල අධික දැවයෙන් නිම කළ පියානෝවක් සහ පෞරාණික ඔර්ලෝසුවක් මේ අතර වේ.මීට අමතරව ඇමෙරිකන් ඩොලර් 87,000ක් පමණ වටිනා රන් අසිපතක්ද මේ අතර වේ.ඔබාමා යුවළ පමණක් නොව එරට උප ජනාධිපති ජෝ බයිඩන්ට හය ඇමෙරිකානු ඩොලර් 160,000ක් වටිනා ඔර්ලෝසුවක් ද  ,ජාතික ආරක්ෂක උපදේශක සුසෑන් රයිස්ට ඇමෙරිකන් ඩොලර් 31,500 ක් වටිනා  රන් ආලේපිත ප්‍රතිමාවක්ද ,තවත් රාජ්‍ය නිලධරයෙකුට ඩොලර් 8000ක් වටිනා රොලෙක්ස් අත් ඔර්ලෝසුවක් ද පිරිනමා තිබීම විශේෂත්වයකි.

ඒ ආසන්නයට යමින් කටාර් රාජ්‍යයේ පාලක එමීර්වරයා විසින් ඇමෙරිකා ජනපති යුවළට තිළිණ ලබා දී තිබේ.කටාර් එමීර්වරයා ලබා දුන් තෑගි වල මුළු වටිනාකම අැමෙරිකා ඩොලර් 110,000 කි.ඒ අතර රන් ආලේපිත පෞරාණික ඔර්ලෝසුවක් , කසී සළු මේ අතරවේ.

මීට අමතරව ඉකුත් වසරේදී  ඇමෙරිකා - කියුබා විරසකය ඉවත් කිරීම වෙනුවෙන් ගත් උත්සාහ අගයමින් ජනාධිපති ඔබාමාට ඩොලර් 4100 ක් වටිනා තෑගි ද ,නෙදර්ලන්ත සංචරයේදී එරට රජු විසින් ඇමෙරිකා ඩොලර් 2575 ක් වටිනා තෑගි ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

තිළිණි ද සිල්වා

(ඇරැබ්ස් නිවුස් ඇසුරෙනි)


RECOMMEND POSTS