ඔබාමා ඡන්දය දාලා





ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙයි. එරට මැතිවරණ ක්‍රමවේදයට අනුව කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමට ද ජනතාවට අවස්ථාව ලැබේ. ඒ අනුව, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා චිකාගෝ නුවර ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
තමන් ඡන්දය දෙන්නේ තම ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට යැයි ඔබාමා අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. ඒ අනුව, ඔබාමාගේ මනාපය හිලරිට හිමි වන්න ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

 


RECOMMEND POSTS