ඔපෙක් සාකච්ඡාවක් ඉස්තාන්බුල්හිදී



පසුගිය සතියේ එකඟත්වය පළ කළ පරිදි තෙල් නිෂ්පාදනය අඩු කිරිමේ අරමුණින් ඔපෙක් සංවිධානයේ නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවත්වීමට නියමිතය.
එම සාකච්ඡාවල පළමු වටය ලබන සතියේ දී ඉස්තාන්බුල්හිදි පැවැත්වෙනු ඇත. එම සාකච්ඡාව පැවත්වෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවත්වෙන ලෝක බලශක්ති කොංග්‍රසයට සමගාමීවය.
මෙහිදී ද තෙල් මිල ගණන් අඩු කිර්‍රීමත් ගෝලීය සැපයුම් අඩු කිරීම කෙරෙහිත් අවධානය යොමු කිරීමට නියමිතය.
මීට පෙර සාකච්ඡාවලදී මෙන් මෙම සාක්ච්ඡාවලටත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් නොවන රුසියාවේ නියෝජිතයන් ද සහභාගී වීමට නියමිතය.


RECOMMEND POSTS