එවරස්ට් තරණය කළ පළමු කාන්තාව සමුගනී



‍ (රොයිටර්)
ලොව උසම ශිඛරය ලෙස සැළකෙන එවරස්ට් තරණය කළ පළමු කාන්තාව ජපන් ජාතික ජුන්කෝ තබේයි ඊයේ (22) මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 77 කි.
දීර්ඝ කාලයක් පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඇය මියගියේ සයිටාමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී යැයි ජපන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර ඇත. ජුන්කෝ තබේයි එවරස්ට් ශිඛරය තරණය කළ පළමු කාන්තාව බවට පත් වූයේ 1975 වසරේදීය.


RECOMMEND POSTS