එලිසබත් මහ රැජින සමඟ ට්රම්ප් යුද සැමරුමට
දෙවැනි ලෝක යුද්ධයේ නෝමැන්ඩි සටන අනුස්මරණය කරමින් 75 වැනි ‘ඞී ඬේ’ සැමරුම, දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප්රධානත්වයෙන් මහා බි්රතාන්යයේ පෝට්ස්මවුත් හිදී පැවැත්විණි.
මෙම යුද සැමරුමට, එලිසබත් මහ රැුජින, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්රම්ප්, ආර්යාව මෙලානියා, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ, චාල්ස් කුමරු, ගී්රක ජනාධිපති පැව්ලෝපොලස් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහභාගී වූහ.
දෙවැනි ලෝක යුද්ධයේදී දිවි පිදූ සොල්දාදුවන් සිහිකරමින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්රධානත්වයෙන් පැවැති යුද සැමරුමට ට්රම්ප් එක් වූයේ සෙසු ලෝක නායකයන් ද සමඟය. එංගලන්තයේ සංචාරය අවසන් කරමින් ට්රම්ප් සහ මෙලානියා අයර්ලන්තය බලා ගියේය.
දෙවැනි ලෝක යුද සමයේදී, 1944 වසරේ ජූනි 6 වැනිදා, නාසි හමුදා ප්රංශය යටත් කරගෙන සිටිද්දී, මිත්ර හමුදා දහස් ගණනින් ඔවුන්ගේ හමුදා උතුරුදිග ප්රංශයේ නෝමැන්ඩි වෙරළට යැවීය. නාසි හමුදාවෙන්, යුරෝපය මුදා ගැනීමේ සටන ඒ අනුව ඇරැුඹිණි. මෙම හමුදා මෙහෙයුම හැඳින්වෙන්නේ ‘ඞී ඬේ’ යනුවෙනි.
මිත්ර හමුදාව යටතේ කැනඩා, බි්රතාන්ය සහ ඇමෙරිකන් සොල්දාදුවන් 3,26,547 ක් නොමැන්ඩි වෙරළට පැමිණ නාසි හමුදා සමඟ සටන් වැදුණි. එම සටනේදී මිත්ර හමුදාවේත් නාසි හමුදාවේත් 4,25,000 ක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම වසරේ දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප්රධානත්වයෙන් පැවැත්වූයේ 75 වැනි ‘ඞී ඬේ’ සැමරුමය.
(ඒ.එෆ්.පී.)