උතුරු කොරියාවේ ආහාර අර්බුදයක්



උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත්, උතුරු කොරියාවේ මෙම වසරේ ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟවී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ජනතාවට ලබා දෙන ආහාර සලාක අඩකින් අඩු කිරීමට ද උතුරු කොරියා රජය කටයුතු කර ඇති බව ද පැවැසෙයි.

ජගත් විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට උතුරු කොරියාව, ආහාර අර්බුදයකට මුහුණ දුන්නේ 2006 වසරේ දී, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ සිට බවය.

අයහපත් කාලගුණය පමණක් නොව, බටහිර රටවලින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ද උතුරු කොරියානුවෝ දැඩි ලෙස පීඩාවට පත් වී සිටිති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS