උතුරු කොරියාවට එරෙහිව ඇමෙරිකා ප්‍රහාරක යානා සීරුවෙන්
උතුරු කොරියාවට එරෙහිව
ඇමෙරිකා ප්‍රහාරක යානා සීරුවෙන්
නිව්යෝක්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව ‘හිතුවක්කාර’ අන්දමින් දිගින් දිගටම සිදු කරන දිගු දුර මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් දකුණු කොරියාවේ හමුදා කඳවුරුවල ඇති තම ප්‍රහාරක ජෙට් යානා සීරුවෙන් තැබීමට ඇමෙරිකාව ඊයේ (13) තීරණය කළේය.
දකුණු කොරියාව ඇමෙරිකාවේ මිතුරෙකි. ඇමෙරිකා හමුදා කඳවුරු කිහිපයක් දකුණු කොරියාවේ පිහිටුවා ඇත.
උතුරු සහ දකුණු වශයෙන් කොරියාව දෙකඩ වූයේ කොරියන් යුද්ධයෙන් පසුවය. එසේ දෙකඩ වී සිටියත් දෙරටේම වෙසෙන්නෝ එකම ජාතියක වැසියෝය.
උතුරු කොරියාව යනු ලොවෙන් හුදෙකලා වුණු රාජ්‍යයකි. උතුරු කොරියාව එසේ හුදෙකලා වූයේ ඔවුන්ගේ අත්තනෝමතික න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඇමෙරිකාවත් උතුරු කොරියාවට සම්බාධක රැසක් පනවා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ඇමෙරිකාවෙන් එල්ල වෙන දැඩි විරෝධය නොසලකා තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීමට උතුරු කොරියාව සැරැසෙන බව දකුණු කොරියානු බුද්ධි අංශ ඊයේ (12) අනාවරණය කළේය.
මෙය උතුරු කොරියාව විසින් සිදු කරනු ලබන සය වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම වනු ඇත. උතුරු කොරියාව ඉකුත් සතියේ පස්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම සාර්ථකව සිදු කළේය. අතීතයේ කළ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට වඩා එම අත්හදා බැලීම ප්‍රබල එකක් වූ බව ද දකුණු කොරියාව පැවැසීය.
එම න්‍යෂ්ටික අත්හදා බැලීමට විරෝධය දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව ඔවුන්ගේ විරෝධය පළ කළේය. ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාවට දිගින් දිගටම සම්බාධක පැනැවිය යුතුයි කියාය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉකුත් සති අන්තයේ හදිසියේ රැස් විය. ඒ, උතුරු කොරියාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය.