උතුරු කොරියාව කෙටි දුර මිසයිල අත්හදා බලයි
උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලූ බව දකුණු කොරියා හමුදාව කියයි.
උතුරු කොරියාව අත්හදා බලා ඇත්තේ මින් පෙර අත්හදා බැලීම් නොකළ විදියේ නව මිසයිල දෙකක් යැයි දකුණු කොරියා හමුදාව පවසයි. අත්හදා බලමින්, උතුරු කොරියා හමුදාව, එම මිසයිල දෙක විඳිණු ලැබුවේ මුහුදට යැයි ද වාර්තා වේ.
උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම කර ඇත්තේ දකුණු කොරියාවට විරෝධය පළ කිරීමක් ලෙස යැයි ද පැවැසෙයි. ඒ, දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී, තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය දක්වමිනි.
දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ එක් වී යළිත් වරක් යුද අභ්‍යාස පවත්වන්නේ නම්, එය උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවතින හොඳහිත පළුදු වීමට හේතුවක් වනු ඇතැයි උතුරු කොරියාව පවසා ඇත.
සෝල්හිදීය (රොයිටර්ස්)