උතුරු කොරියා - ජපාන සාකච්ඡාවලට සහාය දෙනවා



උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අගමැති ෂෙන්සෝ අබේ උනන්දුවක් දක්වන්නේ නම්, ඊට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමේ අදහසක් ඇති බව ජපාන අගමැතිවරයා පවසා ඇත. ඒ, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යෑමේ අරමුණින්ය.

ටෝකියෝහිදී (රොයිටර්ස්)

 


RECOMMEND POSTS