ඊශ්‍රායෙල් - රුසියානු නායකයෝ දුරකථන සංවාදයක
ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙදන්යාහු රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ට දුරකතනන ඇමතුමක් දී මැදපෙරදිග ඇතුළු කලාපීය අර්බුද හා ඊශ්‍රායල-පලස්තීන සාම ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කර ඇත.
මැද පෙරදිගට සාමය උදා කිරීම වත්මන් තත්ත්වය ඇතුළු කලාපයේ අර්බුද පිළිබඳව දෙරටේ නායකයන් සාකච්ඡා කර ඇතැයි රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
මැද පෙරදිග අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් ඒ සම්බන්ධ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට රුසියාව සූදානම් යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඊශ්‍රායල අගමැතිවරයා හෝ එම පාර්ශවයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
බෙන්ජමින් නෙදන්යාහු හා ව්ලැදිමීර් පූටින් අතර මේ ආකාරයේම දුරකතන සාකච්ඡාවක් ජූලි 23 දාද පැවැති අතර ඔවුහු දෙදෙනා විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ද මුහුණට මුහුණ මුණ ගැසී සාකච්ඡා පැවැත්වූහ.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊශ්‍රායල-පලස්තීන නායකයන් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඊජිප්තු ජනපති අබ්දෙල් ෆාටා අල් සිසී පැවැසීමෙන් අනතුරුව පුටින් හා නෙදන්යාහු අතර මෙම දුරකතන සංවාදය පැවැත්විණි.
පසුගිය ජූනි මාසයේදී බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අතර ආරක්ෂක කටයුතු, හමුදා සබඳතා, කලාපීය අර්බුද ආදිය පිළිබඳ එහිදි සාකච්ඡා පැවැත්විණි. එය ඔවුන් මේ වසරේ එකිනෙකා හමු වී සාකච්ඡා පැවැත්වූ සිව්වැනි අවස්ථාව විය.