ඉරාන ස්ථාවරය නිසා තෙල් මිල යළි පහළට



ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානයේ තෙල් නිෂ්පාදනය කිරීම සීමා සඳහා වන කිසිදු ගිවිසුමකට ඇතුළත්වීම ඉරාකය ප්‍රතික්ෂේප කිරීමටත් සමඟ නැවත වරක් තෙල් මිල ගණන් පහළ ගියේය. 
ඉරාකයේ එසේ පැවැසීමත් තෙල් මිල ගණන් පහත ගිය බව වෙළෙඳුන් පෙන්වා දුන්හ. තෙල් මිල ගණන් නැවතත් ස්ථාවර තත්ත්වයකට පත් කිරීම සඳහා තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානය (ඔපෙක්) බලාපොරොත්තුවෙන් සිටින ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. එම සාකච්ඡාවලට එම සංවිධානයේ රටක් නොවන රුසියාව ද සම්බන්ධ වූ අතර වෙනිසියුලාවද සම්බන්ධ වනු ඇතැයි වාර්තා වේ. ලබන මස 30 වැනිදා මේ සම්බන්ධයෙන් එනම් ඛනිජ තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිතය. 
තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 32.50ත් මිලියන 33.0ත් අතර පරාසයක් දක්වා අඩු කිරීමට ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානය බලාපොරොත්තුවෙන් සිටියි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඛනිජ තෙල් නිෂ්පාදනය දිනකට බැරැල් මිලියන 33.39ක් යැයි ද වාර්තා විය. 
කෙසේ වෙතත් තෙල් නිෂ්පාදනය අවම කිරීම සඳහා වන ගිවිසුමට ඉරාකය සම්බන්ධ නොවූහොත් එම ඉල්කකය සපුරා ගැනීම අපහසු වනු ඇත. ඉරාකය ඔපෙක්හි දෙවැනි විශාලතම තෙල් නිෂ්පාදකයාය. 
ඉරිදා දිනය (23) අවසානයේදී ඉරාකයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරැල් මිලියන 4.774ක් වූ අතර අපනයන ප්‍රමාණය දිනකට බැරැල් මිලියන 3.87ක් විය. 
 
 

RECOMMEND POSTS