ඉන්දුනීසියා මැතිවරණ බලධාරීන් 270 ක් මැරිලා
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පසුගිය දා එක් දිනකදී පැවැත්විණි.
මෙය එක් දිනක පැවැති ලොව විශාලතම මැතිවරණය ලෙස ද සැලකිණි. මැතිවරණය පැවැත්වීමට මහත් පීඩනයකින් වෙහෙස මහන්සි වූ ඉන්දුනීසියා මැතිවරණ කොමිසමේ නිලධාරීන් 270 දෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම පිරිස මියගොස් ඇත්තේ අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදී රෝගී තත්ත්වයන් නිසාය. මොවුන් අධික ලෙස වෙහෙස වී අප්‍රේල් 17 පැවැති මැතිවරණය සාර්ථක කර ගැනීමට දායක වූ නිලධාරීන් බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)