ඉන්දු කාශ්මීරයට පාකිස්තානයෙන් ෂෙල් වෙඩි
(රොයිටර්)
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයට අද (28) අලුයම පාකිස්තාන හමුදාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල විය.
ඉන්දියාව චෝදනා කර ඇත්තේ පසුගිය පැය 12 කාලය ඇතුළතදී පාකිස්තානය හය වැනි වරටක් සටන් විරාමය උල්ලංගනය කළ බවය. තමන් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බව ඉන්දීය හමුදාව පවසා ඇත.
ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද උණුසුමක් නිර්මාණය වූයේ පසුගිය සැප්තැම්බරයේ සිටය. පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තවාදීහු ඉන්දීය හමුදා කඳවුරකට කඩා වැදී පහර දී ඉන්දීය සෙබළුන් මරා දැමූහ. පාකිස්තානය ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යැයි ඉන්දියාව දිගින් දිගටම පවසා ඇත.
මේ අතර වියානා සම්මුතිය උල්ලංගනය කරමින්, ඔත්තු බැලුවේ යැයි චෝදනාවලට ලක්වුණු ඉන්දියාවේ පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ ඔහුගේ පවුලේ අය යළි පාකිස්තානයට නෙරපා හැරීමට ඉන්දීය රජය අද(28) තීරණය කළේය.
ඉන්දීය රජය මෙසේ යළි පාකිස්තානට යැවීමට කටයුතු කළේ මහ්මූද් අක්තාර් සහ ඔහුගේ පවුලේ අය යැයි ද පැවැසෙයි. මොවුන් සම්බන්ධයෙන් කරුණු විමසීමට ඉන්දීය රජය එරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා කැඳවූ බව ද වාර්තා වේ.
මහ්මූද් අක්තාර් සහ වැදගත් ලියකියවිලි ද සමඟ නවදිල්ලි බස් නැවැතුම්පොළකට ගොස් තවත් කිහිප දෙනකු හමුවී ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.