ඉන්දීය විදේශ ඇමැතිනියට වකුගඩු බද්ධයක්



වකුගඩු ආබාධයකට ලක්වීසිටින ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජන කෙරුණි.
ඇයගේ වකුගඩුවක් ආක්‍රිය වී ඇති බව දැනගත් සැණින් ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් වකුගඩු පරිත්‍යාගයට ඉදිරිපත් වූහ. ඒ, විදේශ ඇමැතිනියට දක්වන ගෞරවය හේතුවෙනි.
ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගත් වකුගඩුවක් විදේශ ඇමැතිනියට බද්ධ කළ බවත් සැත්කම අද (9) උදේ 9 ට ආරම්භ වී සවස 2.30 ට අවසන් කළ බවත්ය.


RECOMMEND POSTS