ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹේ
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඊයේ (6) පැවැත්වුණු අතර ඡන්ද පොළවලටත්, මැතිවරණ නිලධාරීන් ගමන් කළ බස් රථවලටත් ඉන්දු කාශ්මීරයේ දී ගල් ප්රහාර එල්ල විය.
ප්රහාරය එල්ල වූයේ අර්බුද සහ ගැටුම් පිරි ඉන්දු කාශ්මීර ප්රාන්තයේය. මැතිවරණ නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ බවත් මැතිවරණ කටයුතුවලට එල්ල වුණු එම ප්රහාර බාධාවක් වූ බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කෙළේය. පස්වැනි අදියර යටතේ මිලියන 87 ක පිරිසක් ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය.
(රොයිටර්ස්)