ඉන්දීය කඳවුරකට පහර දෙන්න පැමිණි පාකිස්තාන ත්රස්තයන් මරා දමති
ලැන්ලේට්හිදීය (එන්.ඩී.ටීවී.)
ඉන්දු කාශ්මීරයේ ලන්ගේට් හි පිහිටි ඉන්දීය හමුදා කඳවුරකට පහර දීමට පාකිස්තානයේ සිට පැමිණි බෙදුම්වාදී ඉස්ලාමීය ත්රස්තවාදීන් තිදෙනකු මරා දැමීමට හැකි වුණු බව ඉන්දීය හමුදාව ඊයේ (6) පැවැසීය.
ඒ.කේ 47 වර්ගයේ ස්වයංක්රීය ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ මෙම ත්රස්තයන් තිදෙනාගේ අරමුණ වී ඇත්තේ හමුදා කඳවුරට කඩා වැදී පහර දී එය පුපුරුවා හැරීමට යැයි ද පැවැසෙයි.
ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා ඉන්දු කාශ්මීරයේ ‘යූරි’ නමැති ඉන්දීය හමුදා කඳවුරට පාකිස්තාන බෙදුම්වාදී ත්රස්තයෝ කඩා වැදී පහර දුන්හ. ඉන්දියාවත් පාකිස්තානයත් අතර ‘ගැටුමක්’ නිර්මාණය වූයේ ඒ අනුවය.