ඉන්දියාවේ විදේශ ඇමැතිනිය සුෂ්මා ස්වරාජ්ට වගුගඩු ප්‍රශ්නයක්
(ටෙයිම්ස් ඔෆ් ඉන්දියා)
ඉන්දීය විදේශ ඇමැතිනී සුස්මා ස්වරාජ් වකුගඩු අක්‍රිය වී, රෝහල් ගත කර සිටින බවත්, ඇය රුධිර කාන්දු පෙරණය ක්‍රියාවලියට ඇය ලක් කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බවත්, වෛද්‍යවරුන් ඇයට ගැළපෙන වකගඩුවක් සොයමින් සිටින බවත් ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.
වකුගඩුවක් අක්‍රිය වී තමා රෝහල් ගත කර සිටින බව, 64 හැවිරිදි විදේශ ඇමැතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිටෙන් තමාට ඉක්මණින් සුවය ලැබීමට හැකිවනු ඇතැයි ඇය පවසා ඇත.
එම පණිවුඩය දැක ඇයට වකුගඩු පරිත්‍යාග කිරීමට කිහිප දෙනකු ඉදිරිපත් වී ඇති නමුත් එම වකුගඩු ඇයට ගැළපෙන්නේ නැති බව ද වෛද්‍යවරු පවසති.